හිටපු කථානායක සහ ජාතික ජන බලවේග පාර්ලිමේන්තු මන්ත්‍රී අශෝක රන්වල මහතා අද අත්අඩංගුවට ගෙන ඇත.
අනතුරක් වළක්වා නොගැනීම සහ අන්ත්‍රාදායක ලෙස රිය පැදවීම යන චෝදනා මත මන්ත්‍රීවරයා මෙලෙස අත්අඩංගුවට ගෙන ඇති බව පොලිසිය සඳහන් කරයි.
මේ වන විට ඔහු කොළඹ ජාතික රෝහලේ පොලිස් ආරක්ෂාව යටතේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටී.
ඊයේ (12) රාගම සිට කොළඹ වරප්රදේශය වෙත ගමන්කරමින් තිබූ ජීප් රථය තවත් මෝටර් රථයක් සමඟ ගැටී අනතුරට පත්ව ඇති බවයි පොලිසිය කියා සිටියේ.
අනතුර සපුගස්කන්ද දෙනිමල්ල ප්‍රදේශයේදී සිදුව ඇති අතර, මෝටර් රථයේ ගමන් කළ 25 හැවිරිදි කාන්තාවක්, මාස 6ක් වයසැති ඇයගේ බිලිඳිය සහ 55 හැවිරිදි මිත්තනිය තුවාල ලබමින් රෝහල්ගත කර තිබේ.
බිලිඳිය ප්‍රතිකාර සඳහා රිජ්වේ ආර්යා ළමා රෝහලටද ඇතුළත් කර ඇති බව පොලිසිය වැඩිදුරටත් පැවසීය.

