දිනකට 8,000ක් පමණ රෝගීන් ප්‍රමාණයක් ප්‍රතිකාර ගැනීමට පැමිණෙන කොළඹ ජාතික රෝහලේ ගිලන් රථ 13ක් ඇතත් ඉන් හොඳ තත්වයේ ඇත්තේ ෆෝර්ඩ් සහ බෙන්ස් වර්ගයේ ගිලන් රථ දෙකක් පමණක් බව වාර්තා වේ.
එසේම කාර්ය මණ්ඩලය 11,000ක් පමණ සිටින ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු සඳහා තිබෙන්නේද වසර 20කට වඩා පැරණි වාහන 03ක් පමණක් බවත් එම වාහන නිතර නිතර කාර්මික දෝෂයන්ට ලක් වීම හේතුවෙන් වැඩි කාලයක් තිබෙන්නේ ගරාජයේ බවත් පැවසේ.
ඒ හේතුවෙන් කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන කටයුතු අඩාල වී ඇති බවත් වාහන නඩත්තු කිරීම සඳහාද විශාල මුදලක්ද වැය කිරීමට සිදුව ඇති බවත් සඳහන් වේ.
මේ වනවිට පොදු ප්‍රවාහන සේවයක් නොමැති වීම හේතුවෙන් කාර්ය මණ්ඩලය සහ රෝගීන් ගැටලු රාශියකට මුහුණපා සිටින බවද පැවසේ.
සෞඛ්‍ය අමාත්‍යංශය ඇතුළු විවිධ රාජ්‍ය අංශවල දේශපාලන පත්වීම් ලබන්නන්ට සුවිශේෂී වරප්‍රසාද යටතේ සුඛෝපභෝගී මෝටර් රථ හිමි වී තිබෙන බවත් රටට විශාල සේවයක් කරන කොළඹ ජාතික රෝහලේ ප්‍රවාහන සේවය පණ අදිමින් සිටින බවත් රෝහල් ආරංචි මාර්ග වැඩිදුරටත් සඳහන් කරයි