Homeසියලුම පුවත්ඥානසාර හිමිට එරෙහි නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

ඥානසාර හිමිට එරෙහි නඩුව යළි කැඳවීමට දින නියම වෙයි

ඉස්ලාම් දහමට අපහාසයක් සිදු කළ බවට චෝදනා කරමින් බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට එරෙහිව නීතිපතිවරයා විසින් ගොනුකර ඇති නඩුව ලබන 30 වැනිදා යළි කැඳවන ලෙස කොළඹ මහාධිකරණය නියම කර තිබේ.

මෙම නඩුව අද (16) කොළඹ මහාධිකරණ විනිසුරු බුද්ධික සී. රාගල මහතා ඉදිරියේ කැඳවනු ලැබීය.

එහිදී විත්තිකාර ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් අධිකරණය හමුවේ පෙනී සිටියේය.

මේ අතර අධිකරණයට අපහාස කිරීමේ චෝදනාවකට සිරදඬුවම් නියම වී සිටි ඥානසාර හිමියන්ට හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා විසින් ලබාදුන් ජනාධිපති සමාව බලරහිත බවට ශ්‍රේෂ්ඨාධිකරණය තීන්දු කර ඇති පසුබිමක උන්වහන්සේ අද අධිකරණය හමුවේ පෙනී සිටීම විශේෂත්වයකි.

RELATED ARTICLES

Most Popular

Recent Comments