Homeසියලුම පුවත්ඥානසාර හිමියන් වෙනුවෙන් ඇරඹි පාද යාත්‍රාව අද කඩුගන්නාවෙන් ඉදිරියට

ඥානසාර හිමියන් වෙනුවෙන් ඇරඹි පාද යාත්‍රාව අද කඩුගන්නාවෙන් ඉදිරියට

බන්ධනාගාරගතව සිටින පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් වෙනුවෙන් සහ භික්ෂූන් වහන්සේලාගේ ආගමික අයිතිවාසිකම් වෙනුවෙන් මහා සංඝරත්නයේ මූලිකත්වයෙන් ආරම්භ කළ පාගමන අද (11) දෙවන දිනටත් ක්‍රියාත්මක වේ.

“සිවුරට යුක්තිය – ජාතික අධිෂ්ඨාන පූජාව සහ නිදහසේ පාද යාත්‍රාව” ලෙස නම් කර ඇති මෙම පාගමන ඊයේ (10) උදෑසන මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගාව අසලින් ආරම්භ විය.

පාගමනේ පළමු දිනය ඊයේ පස්වරුවේ කඩුගන්නාව ප්‍රදේශයෙන් අවසන් කර තිබූ අතර, අද එම ස්ථානයේ සිට යළි ගමන් ආරම්භ කිරීමට නියමිතය.

පූජ්‍ය උලපනේ සුමංගල හිමියන් සඳහන් කළේ, මෙම පාගමන කෑගල්ල, වරකාපොළ, නිට්ටඹුව සහ කඩවත යන නගර පසුකරමින් එළැඹෙන 15 වැනිදා කොළඹට ළඟා වීමට නියමිත බවයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments