සිරදඬුවම් නියම වී සිටින බොදු බල සේනා සංවිධානයේ ලේකම් පූජ්ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ගේ චීවරය ඉවත් කිරීමට බන්ධනාගාර බලධාරීන් ගත් තීරණය බලරහිත කරන ලෙස ඉල්ලා ගොනු කර ඇති පෙත්සම් ලබන 22 වැනිදා සලකා බැලීමට අභියාචනාධිකරණය දින නියම කර තිබේ.අදාළ පෙත්සම් අද (15) අභියාචනාධිකරණ විනිසුරුවරුන් වන අමල් රණරාජා, මහේන් ගොපල්ලව සහ ප්රියන්ත ප්රනාන්දු යන මහත්වරුන්ගෙන් සමන්විත විනිසුරු මඩුල්ල හමුවේ කැඳවනු ලැබීය.එහිදී ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් අනතුරුව පෙත්සම් වැඩිදුර සලකා බැලීම සඳහා ලබන 22 වැනිදා කැඳවීමට විනිසුරු මඩුල්ල නියම කළේය.පූජ්ය තීනියාවල පාලිත හිමියන් ඇතුළු භික්ෂූන් වහන්සේලා පිරිසක් විසින් මෙම පෙත්සම් ගොනු කර තිබේ.

