ජාතික ඩෙංගු මර්දන සතියට සමගාමීව අද (18) දිනයේ පාසල් සහ අනෙකුත් අධ්‍යාපන ආයතන ඉලක්ක කරගනිමින් විශේෂ ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබේ.
ඒ අනුව රජයේ හා පෞද්ගලික පාසල්, පෙර පාසල් සහ සියලුම අධ්‍යාපන ආයතන පරිශ්‍රවල පිරිසිදු කිරීමේ හා මදුරු බෝවන ස්ථාන ඉවත් කිරීමේ වැඩසටහන් පැවැත්වෙනු ඇත.
පවතින ඩෙංගු අවදානම සැලකිල්ලට ගනිමින් පසුගිය 15 වැනිදා සිට ජාතික ඩෙංගු මර්දන සතිය ක්‍රියාත්මක කර ඇති අතර, එහි තවත් අදියරක් ලෙස මෙම වැඩසටහන සංවිධානය කර තිබේ.
හෙට (19) දිනයේ රාජ්‍ය හා පෞද්ගලික ආයතන සහ කර්මාන්තශාලා ඉලක්ක කරගනිමින් ඩෙංගු මර්දන වැඩසටහන් ක්‍රියාත්මක කිරීමට නියමිත අතර, 20 වැනිදා පෞද්ගලික නිවාස සහ ඒ අවට පරිශ්‍ර ආවරණය කරමින් විශේෂ පිරිසිදු කිරීමේ වැඩසටහන් පැවැත්වීමට සැලසුම් කර ඇත.
ඩෙංගු මර්දන සතියට සමගාමීව පාසල් පිරිසිදු කිරීමේ වැඩසටහන් අද

