ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීමේ අරමුණින් අද (08) සිට දින තුනක විශේෂ මර්ධන වැඩසටහනක් ක්‍රියාත්මක කිරීමට ජාතික ඩෙංගු මර්ධන ඒකකය පියවර ගෙන තිබේ.
අද, හෙට සහ අනිද්දා යන දින තුළ දිස්ත්‍රික්ක 12කට අයත් සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාල 72ක් කේන්ද්‍ර කර ගනිමින් මෙම වැඩසටහන ක්‍රියාත්මක කෙරේ.
ජාතික ඩෙංගු මර්ධන ඒකකයේ නවතම දත්ත අනුව පසුගිය ජුනි 5 වනවිට ඩෙංගු රෝගීන් 36,168 දෙනෙකු වාර්තා වී ඇති අතර, වැඩිම රෝගීන් සංඛ්‍යාව බස්නාහිර පළාතෙන් වාර්තා වී තිබේ.
මීට අමතරව මාතර, ගාල්ල, රත්නපුර, කෑගල්ල, පුත්තලම සහ මහනුවර දිස්ත්‍රික්කවලින්ද රෝගීන් වාර්තා වී ඇති අතර, මේ දක්වා ඩෙංගු මරණ 20ක් වාර්තා වී ඇති බවත්, ඉන් තිදෙනෙකු කුඩා ළමුන් බවත් සඳහන් වේ.
ඩෙංගු මර්ධනයට අද සිට විශේෂ දින 3ක වැඩසටහනක්

