වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති සමස්ත ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 56,422ක් දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එමෙන්ම, ඩෙංගු ආසාදිත මරණ සංඛ්‍යාව 35 දක්වා ඉහළ ගොස් ඇති බවද එම ඒකකය නිකුත් කළ නවතම වාර්තාවේ සඳහන් වේ.
මේ අතර, ගත වූ පැය 24ක කාලය තුළ පමණක් නව ඩෙංගු රෝගීන් 1,025ක් වාර්තා වී ඇති බවද ජාතික ඩෙංගු මර්දන ඒකකය වැඩිදුරටත් දැනුම් දී තිබේ.
ඩෙංගු රෝගීන් 56,000 පනී – මරණ 35ක් දක්වා ඉහළට

