Homeසියලුම පුවත්තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

තද සුළං පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කෙරේ

කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් තද සුළං තත්ත්වයන් පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.
හෙට (11) පස්වරු 3.30 දක්වා බලපැවැත්වෙන මෙම නිවේදනය මධ්‍යම, සබරගමුව, උතුරු සහ උතුරු මැද පළාත් මෙන්ම ත්‍රිකුණාමලය හා හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා අදාළ වේ.
දිවයින හරහා පවතින සක්‍රීය නිරිතදිග මෝසම් තත්ත්වය හේතුවෙන් එම ප්‍රදේශවල විටින් විට පැයට කිලෝමීටර් 40ත් 50ත් අතර තද සුළං ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
එමෙන්ම දිවයිනේ සෙසු ප්‍රදේශවලටද පැයට කිලෝමීටර් 30ත් 40ත් අතර තරමක තද සුළං ඇති විය හැකි බැවින් ජනතාව විමසිලිමත්ව කටයුතු කරන ලෙස දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments