බදුගෙවන්නා හඳුනාගැනීමේ අංකය (TIN) ලබාගෙන නොමැති පුද්ගලයින් මිලියන 4කට ආසන්න පිරිසක් තවමත් සිටින බව දේශීය ආදායම් දෙපාර්තමේන්තුව පවසයි.
එම දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිට පුද්ගලයින් මිලියන 13කට අධික සංඛ්‍යාවක් TIN අංකය ලබාගෙන ඇති බවයි.
වයස අවුරුදු 18 සම්පූර්ණ කළ සියලු පුද්ගලයින් සඳහා TIN අංකය ලබාගැනීම අනිවාර්ය කර ඇති අතර, ඒ අනුව මෙරට පුද්ගලයින් මිලියන 17ක පමණ පිරිසක් එම අංකය ලබාගත යුතු බව සඳහන් වෙයි.
මේ අතර, 2026 අංක 11 දරන දේශීය ආදායම් සංශෝධන පනතට අනුව බැංකු ගිණුම් විවෘත කිරීම, වාහන ලියාපදිංචි කිරීම හා අලුත් කිරීම, ව්‍යාපාර ලියාපදිංචිය, සමාගම් කොටස් හුවමාරු කිරීම සහ ක්‍රෙඩිට් කාඩ්පත් ලබාගැනීම ඇතුළු කටයුතු රැසක් සඳහා TIN අංකය අනිවාර්ය කර ඇත.
එමෙන්ම, අදාළ නීති සංශෝධන අනුව TIN අංකය තවදුරටත් රහස්‍ය තොරතුරක් ලෙස නොසලකන බවද දේශීය ආදායම් දෙපාර්තමේන්තුව වැඩිදුරටත් ප්‍රකාශ කරයි.
තවත් මිලියන 4කට TIN අංකය නෑ – දේශීය ආදායම් දෙපාර්තමේන්තුවෙන් හෙළිදරව්වක්

