Homeසියලුම පුවත්දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණදීමට රටට නව සැලසුමක් අවශ්‍යයි - සජිත්

දරුණු කාලගුණික තත්ත්වයන්ට මුහුණදීමට රටට නව සැලසුමක් අවශ්‍යයි – සජිත්

ඉදිරියේදී ඇතිවිය හැකි දරුණුතම කාලගුණික හා දේශගුණික විපර්යාසයන්ට සාර්ථකව මුහුණදිය හැකි සැලසුමක් සකස් කිරීම කාලීන අවශ්‍යතාවක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

ඔහු මේ බව සඳහන් කළේ ඊයේ (26) පැවති දේශගුණික විපර්යාස පිළිබඳ පාර්ලිමේන්තු සංසදයට එක්වෙමිනි.

දේශගුණික හදිසි තත්ත්වයන් සම්බන්ධයෙන් ඵලදායී පියවර ගැනීමේ අරමුණින්, විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහ මහාචාර්ය එල්. එම්. අබේවික්‍රම මහතාගේ සම සභාපතීත්වයෙන් මෙම සංසදය පැවැත්වී තිබේ.

මහාචාර්ය රත්නසිරි ප්‍රේමතිලක, එක්සත් ජාතීන්ගේ සංවිධානය නියෝජනය කළ වාගීෂා පෙරේරා මහත්මිය ඇතුළු විශේෂඥයින් රැසක් ඊට එක්ව සිටියහ.

එහිදී අදහස් දක්වමින් විපක්ෂ නායකවරයා සඳහන් කළේ එල්නිනෝ සහ ලානීනා තත්ත්වයන් හේතුවෙන් ඇතිවිය හැකි බලපෑම් පිළිබඳව රටක් ලෙස වඩාත් අවධානයෙන් කටයුතු කළ යුතු බවය.

එම දේශගුණික තත්ත්වයන් හේතුවෙන් කාලගුණික රටාවන් හිටිහැටියේ වෙනස්විය හැකි අතර, එක් ප්‍රදේශයක නියඟයක් පවතින අවස්ථාවක තවත් ප්‍රදේශයකට මහවැසි ඇතිවිය හැකි බවද ඔහු පෙන්වා දී තිබේ.
“`0

RELATED ARTICLES

Most Popular

Recent Comments