පාර්ලිමේන්තු මන්ත්‍රී දිලිත් ජයවීර, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන විමල් වීරවංශ සහ උදය ගම්මන්පිල ඇතුළු හය දෙනෙකුට එරෙහිව අධිකරණයට අපහාස කිරීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුව අද (07) ත්‍රිපුද්ගල අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල හමුවේ කැඳවා තිබේ.
එහිදී නම් කරන ලද පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට අවශ්‍ය ලිපිලේඛන සහ තොරතුරු ලබාදීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ රෙජිස්ට්රාර්වරයාට දැනුම් දී ඇත.
අදාළ ලිපිලේඛන සහ තොරතුරු ලබාගැනීමේ ප්‍රගතිය සලකා බැලීම සඳහා නඩුව ඔක්තෝබර් 15 වැනිදා පෙරවරුවේ යළි කැඳවීමට නියමිතය.
එමෙන්ම නම් කරන ලද පාර්ශ්වයන් වෙනුවෙන් පෙනී සිටින නීතිඥවරුන්ට කරුණු දැක්වීම සඳහා නඩුව ඔක්තෝබර් 23 වැනිදා පස්වරුවේ යළි කැඳවීමටද ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල නියම කර තිබේ.

