Homeසියලුම පුවත්දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් වියළි කාලගුණය

දිවයිනේ බොහෝ ප්‍රදේශවල අදත් වියළි කාලගුණය

කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුවට අනුව අද දිනයේ බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක සුළු වැසි ඇති විය හැකිය.

ඒ හැර දිවයිනේ සෙසු ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වියළි කාලගුණික තත්ත්වයක් අපේක්ෂා කරන බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ, උතුරුමැද සහ වයඹ පළාත් මෙන්ම මොණරාගල, හම්බන්තොට, ත්‍රිකුණාමලය සහ මන්නාරම දිස්ත්‍රික්කවල විටින් විට පැයට කිලෝමීටර් 40 සිට 50 දක්වා වේගයෙන් තද සුළං හමා යා හැකි බව ද නිවේදනයේ දැක්වේ.

මේ අතර, මුලතිව්, වව්නියාව, මඩකලපුව, අම්පාර, ත්‍රිකුණාමලය සහ මොණරාගල දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණ තත්ත්වය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ඊයේ (14) පස්වරු 6.00ට නිකුත් කර තිබේ.

එම නිවේදනයට අනුව අදාළ ප්‍රදේශවල දිවා කාලයේදී උණුසුම් දර්ශකය, එනම් මිනිස් සිරුරට දැනෙන උණුසුම “අවධානය යොමු කළ යුතු” මට්ටම දක්වා ඉහළ යා හැකි බව සඳහන් කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments