Homeසියලුම පුවත්දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණයෙන් අවවාදයක්

දිස්ත්‍රික්ක රැසකට උණුසුම් කාලගුණයෙන් අවවාදයක්

උතුරු මැද සහ නැගෙනහිර පළාත්වලට මෙන්ම යාපනය, කිලිනොච්චි, මුලතිව්, වව්නියා, කුරුණෑගල, මොනරාගල සහ හම්බන්තොට දිස්ත්‍රික්ක සඳහා උණුසුම් කාලගුණය පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර තිබේ.

අද (08) පස්වරු 4ට නිකුත් කළ මෙම නිවේදනය හෙට දිනය දක්වා වලංගු බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව, අදාළ පළාත් සහ දිස්ත්‍රික්කවල ඇතැම් ප්‍රදේශවල දිවා කාලයේදී මිනිස් සිරුරට දැනෙන උණුසුම ‘අවධානය යොමු කළ යුතු’ මට්ටමක පැවතිය හැකි බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

මේ අතර, හෙට බස්නාහිර සහ සබරගමුව පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් වැසි වාර කිහිපයක් ඇති විය හැකිය.

ඌව පළාතේ මෙන්ම මඩකලපුව, අම්පාර, පොලොන්නරුව, නුවරඑළිය සහ මාතලේ දිස්ත්‍රික්කවල පස්වරු 2න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව ද කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇති විය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය පියවර ගන්නා ලෙස මහජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments