Monday, January 26, 2026
Homeදේශීයදේශබන්දු සැඟවිලා - තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

දේශබන්දු සැඟවිලා – තොරතුරු දන්නවා නම් CIDයට කියන්න

හිටපු පොලිස්පතිවරයා අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට කණ්ඩායම් කිහිපයක් යොදවා පරීක්ෂණ සිදුකරන බවත් පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, ඔහු මේ වනවිට නීතියට අවනත නොවී සැඟවී සිටින බව ද පැවසීය.

අධිකරණ නියෝගයකට අවනත නොවී පැන ගිය සැකකරුවන් අත්අඩංගුවට ගන්නා ක්‍රමවේදය යටතේම හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය කටයුතු කරමින් බව ද පැවසු පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා, විශේෂ සැලකිල්ලක් හිටපු පොලිස්පතිවරයාව අත්අඩංගුවට ගැනීමට පොලීසිය නොදක්වන බව ද තහවුරු කළේය.

එමෙන්ම ඔහුට සැඟවී සිටීමට යම් අයෙක් උදව් කරන්නේ නම් ඒ සම්බන්ධයෙන් ද දණ්ඩ නීති සංග්‍රහය අනුව කටයුතු කරන බව ද පොලිස් මාධ්‍ය ප්‍රකාශයකවරයා පැවසීය.

RELATED ARTICLES

Most Popular

Recent Comments