Saturday, January 24, 2026
Homeදේශපාලනනාමල්ගේ ඉල්ලීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයක්.

නාමල්ගේ ඉල්ලීම ගැන ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ප්‍රකාශයක්.

ගවර්ස් කෝපරේට් සමාගමේ සිද්ධිය පිළිබඳ පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතා, විත්තියේ සාක්කි කැඳවීමකින් තොර ව නිදොස් කොට නිදහස් කරන ලෙස ඔහුගේ නීතිඥවරුන් කර තිබෙන ඉල්ලීම පිළිබඳ නියෝගය නොවැම්බර් මස 02 වනදා ප්‍රකාශයට පත්කරන බව කොළඹ මහාධිකරණය අද (12) ප්‍රකාශ කර තිබේ.

පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙකු වශයෙන් කටයුතු කරමින් සිටිය දී අයථා ලෙස උපයා ගත් රුපියල් මිලියන 30ක මුදලක් ගවර්ස් කෝපරේට් සමාගමේ යෙදවීම තුළින් මුදල් විශුද්ධිකරණය වැළැක්වීමේ පනත යටතේ වරදක් සිදු කළේ යැයි නාමල් රාජපක්ෂ මහතාට මෙම චෝදනාව එල්ල වී ඇත.

මෙම නඩුව අද කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ කැඳවනු ලැබිණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments