පවතින අයහපත් කාලගුණික තත්ත්වය සැලකිල්ලට ගනිමින් ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය (NBRO) නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කර තිබේ.
අද (24) පෙරවරු 6.00 සිට හෙට පෙරවරු 6.00 දක්වා බලපැවැත්වෙන පරිදි මෙම අනතුරු ඇඟවීම් නිකුත් කර ඇති බව එම සංවිධානය සඳහන් කළේය.
ඒ අනුව කෑගල්ල දිස්ත්‍රික්කයේ දෙහිඕවිට, දැරණියගල, රුවන්වැල්ල සහ යටියන්තොට ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසවලට මෙන්ම රත්නපුර දිස්ත්‍රික්කයේ රත්නපුර, අයගම, කුරුවිට සහ ඇහැලියගොඩ ප්‍රදේශවලට පළමු මට්ටමේ නායයෑම් අනතුරු ඇඟවීම් නිකුත් කර ඇත.
එසේම කොළඹ, ගම්පහ, කළුතර, කෑගල්ල, නුවරඑළිය සහ රත්නපුර දිස්ත්‍රික්කවල ප්‍රදේශ කිහිපයක ජනතාවට විමසිලිමත් බවින් කටයුතු කරන ලෙසද දැනුම් දී තිබේ.
අධික වර්ෂාව පවතින ප්‍රදේශවල පදිංචිකරුවන් නායයෑම්, පස් කඳු කඩාවැටීම් සහ ගල් පෙරළීම් සම්බන්ධයෙන් දැඩි අවධානයෙන් සිටින ලෙස NBRO වැඩිදුරටත් දැනුම් දෙයි.
නායයෑම් අනතුරු ඇඟවීම් යාවත්කාලීන කෙරේ

