කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසන්නේ නිරිත දිග මෝසම මේ වනවිට දිවයින හරහා ස්ථාපිත වී ඇති බවයි.
ඒ අනුව, දිවයිනේ නිරිත දිග ප්‍රදේශවල වැසි තත්ත්වය ඉදිරි දිනවලදී තවදුරටත් වැඩි විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.
බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වල මෙන්ම ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75ට වැඩි තද වැසි ද අපේක්ෂා කෙරේ.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ද පස්වරු කාලයේ වැසි ඇතිවිය හැකි බව සඳහන්ය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශ ඇතුළු උතුරු, උතුරු මැද, වයඹ සහ දකුණු පළාත්වලට පැයට කිලෝමීටර් 30-40ත් අතර තරමක තද සුළං ද ඇතිවිය හැකි බව කාලගුණ අංශ දැනුම් දෙයි.
ගිගුරුම් සහිත වැසි, තද සුළං සහ අකුණු හේතුවෙන් ඇතිවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.
නිරිත දිග මෝසම දිවයින පුරා ස්ථාපිත වෙයි

