Friday, January 23, 2026
Homeදේශීයනිල නිවෙස් භූමියේ ආයුධ ගබඩා

නිල නිවෙස් භූමියේ ආයුධ ගබඩා

ගලෙන් බිඳුණුවැව පොලිස් ස්ථානයේ කොස්තාපල් වරයෙකු පදිංචිව සිටි විවාහක නිල නිවසක භූමියේ සඟවා තිබූ විවිධ වර්ගයේ ගිනි අවි වලට යොදන උණ්ඩ 341ක් සහ අත් බෝම්බ දෙකක් ගලෙන්බිඳුනු වැව පොලිසිය මගින් සොයා ගත් ගලෙන් බිඳුණුවැව පොලිසිය පවසයි.

ටී 56 උණ්ඩ 281ක් සමග එම මැගසින් පහක්, එස් එල්, ආර් වර්ගයේ උණ්ඩ , 84එස් වර්ගයේ උණ්ඩ 06ක්, 84එස් පුහුණු උණ්ඩ 07ක්, මිලිමීටර් 6 පිස්තෝල උණ්ඩ 03ක්, එස් ඒම් ජී මැගසීන් 1ක් සහ අත් බෝම්බ හතරක් සොයා ගත් භාණ්ඩ අතර තිබූ බවයි පොලිසිය සඳහන් කළේය.

මෙම නිල නිවසේ සිටි පොලිස් කොස්තාපල්වරයා ඔහුගේ පවුලේ අය සමඟ ඉහත නිවසේ පදිංචිව සිට ඇති අතර 2022.2.11 දින වැඩ තහනමට ලක්ව ඇති බවද පොලිසිය පවසයි..

RELATED ARTICLES

Most Popular

Recent Comments