Homeසියලුම පුවත්නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සිව්දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී ධීවර කටයුතුවල නිරත වූ සිව්දෙනෙකු අත්අඩංගුවට

නීති විරෝධී පන්න ක්‍රම භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ පුද්ගලයින් සිව්දෙනෙකු සහ ඩිංගි යාත්‍රා තුනක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

යාපනයේ චුන්ඩිකුලම් සහ කඩ්ඩයිකාඩු මුහුදු හා වෙරළ ප්‍රදේශ ආවරණය කරමින් පසුගිය 11 වැනිදා සිදුකළ විශේෂ සෝදිසි මෙහෙයුමකදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර ඇත.

උතුරු නාවික විධානයට අයත් යාත්‍රා සහ වෙත්තලකේණි නාවික ස්ථානගත කිරීම මඟින් සිදුකළ එම මෙහෙයුමේදී, විදුලි ආලෝක ධාරා භාවිත කරමින් ධීවර කටයුතුවල නිරත වූ සැකකරුවන් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

අත්අඩංගුවට ගත් පුද්ගලයින් පුත්තලම දිස්ත්‍රික්කයේ මදුරන්කුලිය සහ පල්ලියවාසල්පාඩුව ප්‍රදේශවල පදිංචිකරුවන් බවට හඳුනාගෙන ඇත.

එහිදී ඩිංගි යාත්‍රා තුනක් සමඟ කිලෝග්‍රෑම් 1,900කට අධික මත්ස්‍ය තොගයක් ද නාවික හමුදා භාරයට ගෙන තිබේ.

සැකකරුවන්, යාත්‍රා සහ මත්ස්‍ය තොගය ඉදිරි නීතිමය කටයුතු සඳහා යාපනය ධීවර හා ජලජ සම්පත් දෙපාර්තමේන්තු කාර්යාලය වෙත භාරදීමට කටයුතු කර ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments