නීතිවිරෝධී ලෙස මෙරටට රැගෙන ආ බීඩි කොළ කිලෝග්‍රෑම් 1,464කට අධික තොගයක් නාවික හමුදාව සහ පොලීසිය එක්ව කළ විශේෂ මෙහෙයුමකදී නොරොච්චෝලේ පනිඅඩිය ප්‍රදේශයෙන් සොයාගෙන තිබේ.
ඊයේ (13) සිදුකළ මෙම මෙහෙයුමේදී අදාළ බීඩි කොළ තොගය ප්‍රවාහනය කිරීමට සූදානම් කර තිබූ ලොරි රථයක්ද නිලධාරීන් භාරයට ගෙන ඇත.
නොරොච්චෝල පොලීසිය සමඟ එක්ව සිදුකළ පරීක්ෂාවකදී පුද්ගලයෙකු නොමැතිව නවතා තිබූ ලොරි රථයක් පරීක්ෂා කර ඇති අතර, එහි තිබූ සැකකටයුතු උර 38ක් තුළ බීඩි කොළ අසුරා තිබියදී සොයාගෙන තිබේ.
සොයාගත් බීඩි කොළ තොගය සහ ලොරි රථය ඉදිරි නීතිමය කටයුතු සඳහා නොරොච්චෝලේ පොලීසියට භාරදී තිබේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන නොරොච්චෝල පොලීසිය විසින් සිදුකරයි.

