නේපාලයට බලපෑ දරුණු ජලගැලීම් හේතුවෙන් මියගිය බවට සැකකෙරෙන පුද්ගලයින් 7 දෙනෙකුගේ සිරුරු ඉන්දියාවේ ගංගාවල තිබී සොයාගෙන ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
නේපාලයේ දකුණුදිග චිට්වාන් කලාපයට මායිම්ව පිහිටි ඉන්දියාවේ උත්තර ප්‍රදේශ් ප්‍රාන්තයේ මහාරාජ්ගන්ජ් සහ කුෂිනගර් දිස්ත්‍රික්ක හරහා ගලා යන ගංගාවල පාවෙමින් තිබියදී මෙම සිරුරු හමුවී ඇති බව බලධාරීන් තහවුරු කර තිබේ.
මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික් මහේස්ත්‍රාත් ගෞරව් සිං සොගර්වාල් සඳහන් කර ඇත්තේ, නේපාලයේ ඇති වූ හදිසි ගංවතුර හේතුවෙන් මෙම සිරුරු ඉන්දියාව දෙසට ගසාගෙන එන්නට ඇති බවයි.
බ්‍රහස්පතින්දා මහාරාජ්ගන්ජ් දිස්ත්‍රික්කයෙන් හඳුනා නොගත් සිරුරු 4ක් සොයාගෙන ඇති අතර, ඊට කිලෝමීටර් 70ක් පමණ දුරින් පිහිටි කුෂිනගර් දිස්ත්‍රික්කයෙන් තවත් සිරුරු 3ක් සොයාගෙන තිබේ.
මෙම සිරුරු කාගේද යන්න තහවුරු කිරීම සඳහා ඉන්දීය බලධාරීන් වැඩිදුර පරීක්ෂණ සිදුකරමින් සිටී.
මේ අතර, මෙම ගංවතුර ව්‍යසනයෙන් මේ වනවිට පුද්ගලයින් 584 දෙනෙකු මියගොස් ඇති අතර, නේපාලය සහ චීනයට අයත් ටිබෙට් ප්‍රදේශය පුරා පුද්ගලයින් 2,400කට වැඩි පිරිසක් තවදුරටත් අතුරුදන්ව සිටින බව වාර්තා වේ.
ඉන්දියාවෙන් සොයාගත් මෙම සිරුරු 7 තවමත් නිල මරණ සංඛ්‍යාවට ඇතුළත් කර නොමැත.

