Saturday, February 14, 2026
Homeඅපරාධපවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ ගිනි තබා ඝාතනය

පවුල් ආරවුලක් හේතුවෙන් බිරිඳ ගිනි තබා ඝාතනය

පවුල් ආරවුලක් දුරදිග යෑමෙන් සැමියා විසින් සිය බිරිඳව ගිනි තබා ඝාතනය කළ සිද්ධියක් පරසන්ගස්වැව, මැදගම ප්‍රදේශයෙන් වාර්තා වේ.

ඊයේ (13) සිදුවූ මෙම සිද්ධියෙන් මියගොස් ඇත්තේ වයස අවුරුදු 41ක් වූ පරසන්ගස්වැව ප්‍රදේශයේ පදිංචිකාරියකි.

සිද්ධිය සම්බන්ධයෙන් පරසන්ගස්වැව පොලිස් ස්ථානය විමර්ශන ආරම්භ කර ඇති අතර, පවුල් ආරවුලක් මූලික කරගෙන මෙම ඝාතනය සිදුකර ඇති බවට අනාවරණය වී ඇත.

සැකකරු අත්අඩංගුවට ගැනීම සඳහා පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments