Homeසියලුම පුවත්පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්

පළාත් කිහිපයකට මි.මී. 75 ඉක්මවූ තද වැසි – කාලගුණයෙන් දැනුම්දීමක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවලට අද (15) පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව නිවේදනය කරයි.සබරගමුව, මධ්‍යම සහ උතුරුමැද පළාත්වලත්, ත්‍රිකුණාමලය සහ කුරුණෑගල දිස්ත්‍රික්කවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 75 ඉක්මවූ තරමක තද වැසි ඇතිවීමේ හැකියාව පවතී.බස්නාහිර පළාතේ සහ ගාල්ල හා මාතර දිස්ත්‍රික්කවල වෙරළබඩ ප්‍රදේශවල උදෑසන කාලයේදී වැසි ස්වල්පයක් ඇතිවිය හැකි බවද සඳහන් වේ.ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.එමෙන්ම, සබරගමුව, මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් පැවතිය හැකිය.

RELATED ARTICLES

Most Popular

Recent Comments