බස්නාහිර, සබරගමුව, මධ්‍යම, ඌව, වයඹ සහ දකුණු පළාත්වලටත් අනුරාධපුරය, මන්නාරම සහ වවුනියාව දිස්ත්‍රික්කවලටත් බලපාන පරිදි ප්‍රබල අකුණු පිළිබඳ අවවාදාත්මක නිවේදනයක් කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර තිබේ.
අද (11) පෙරවරු 11.00ට නිකුත් කළ මෙම නිවේදනය හෙට පස්වරු 1.00 දක්වා වලංගු බව එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.
අදාළ ප්‍රදේශවල සවස් කාලයේදී හෝ රාත්‍රී කාලයේදී තැනින් තැන ගිගුරුම් සහිත වැසි සමඟ ප්‍රබල අකුණු ඇතිවීමේ වැඩි හැකියාවක් පවතින බව දැනුම් දී තිබේ. ගිගුරුම් සහිත වැසි පවතින අවස්ථාවලදී තාවකාලික තද සුළං ද ඇතිවිය හැකිය.
අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කරගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටියි.

