Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ කිහිපයකට අද පස්වරුවේ ගිගුරුම් සහිත වැසි

ඌව, මධ්‍යම සහ නැගෙනහිර පළාත්වල මෙන්ම පොළොන්නරුව සහ මුලතිව් දිස්ත්‍රික්කවලත් අද (04) පස්වරු 2.00න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඇතැම් ප්‍රදේශවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එමෙන්ම බස්නාහිර සහ සබරගමුව පළාත්වලටත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලටත් වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බව දැනුම් දී තිබේ.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

මේ අතර, අගෝස්තු 28 සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශවලට සූර්යයා සෘජුවම ඉහළින් පවතින බවද සඳහන් කර ඇත.

ඒ අනුව අද (04) දහවල් 12.09ට නිට්ටඹුව, අල්ගම, මල්වාන, අරණායක, මීගහකිවුල සහ පානම්කාඩු යන ප්‍රදේශවලට හිරු මුදුන්ව පවතින බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments