Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

ප්‍රදේශ කිහිපයකට අද රාත්‍රිය දක්වා ජල සැපයුම අත්හිටුවයි

අඹතලේ සිට කොළොන්නාව දක්වා ජලය සපයන ප්‍රධාන නළ මාර්ගයේ හදිසි බිඳවැටීමක් හේතුවෙන් අද (05) රාත්‍රී 8.00 දක්වා ප්‍රදේශ කිහිපයක ජල සැපයුම අත්හිටුවීමට සිදුව ඇති බව ජල සම්පාදන මණ්ඩලය පවසයි.
ඒ අනුව මොරගස්මුල්ල, රාජගිරිය, නාවල, ඔබේසේකරපුර සහ කොළොන්නාව නගර සභා බල ප්‍රදේශවලට මෙම ජල කප්පාදුව බලපැවැත්වෙන බව සඳහන් වේ.
නළ මාර්ගයේ ඇතිවූ දෝෂය යථා තත්ත්වයට පත් කිරීම සඳහා අලුත්වැඩියා කටයුතු මේ වන විට සිදුකරමින් පවතින බවද ජල සම්පාදන මණ්ඩලය වැඩිදුරටත් දැනුම් දී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments