Homeසියලුම පුවත්ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි

ප්‍රදේශ කිහිපයකට අදත් මි.මී. 100 ඉක්මවූ වැසි ඇතිවිය හැකියි

දිවයිනට ඊසාන දෙසින් වයඹදිග බෙංගාල බොක්ක ආශ්‍රිතව පැවති පීඩන අවපාතය මේ වනවිට ගැඹුරු පීඩන අවපාතයක් දක්වා වර්ධනය වී තිබේ.

එම පද්ධතියෙන් ශ්‍රී ලංකාවට සෘජු බලපෑමක් නොමැති වුවද, ඒ වෙත ඇදී යන සුළං ප්‍රවාහය හේතුවෙන් දිවයිනේ නිරිතදිග ප්‍රදේශවල පවතින වැසි තත්ත්වය තවදුරටත් පවතිනු ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

බස්නාහිර, සබරගමුව, මධ්‍යම සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් විටින්විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි අතර, ඇතැම් ස්ථානවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇතිවිය හැකිය.

උතුරු-මැද පළාතේ සහ මන්නාරම දිස්ත්‍රික්කයේ වැසි වාර කිහිපයක් ඇතිවිය හැකි බවද සඳහන් කර තිබේ.

මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවල, උතුරු-මැද සහ වයඹ පළාත්වල මෙන්ම ත්‍රිකුණාමලය, හම්බන්තොට සහ මාතලේ දිස්ත්‍රික්කවල විටින්විට පැයට කිලෝමීටර් 40-50ක පමණ තද සුළං ඇතිවිය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවිය හැකි තාවකාලික තද සුළං සහ අකුණු හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments