Friday, December 12, 2025
Homeweatherප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි...

ප්‍රදේශ කිහිපයකට මි.මී. 100ට වැඩි තද වැසි…

දිවයින පුරා ඊසානදිග මෝසම් තත්ත්වය ස්ථාපිත වී ඇති බව කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඒ අනුව අද (10) උතුරු, උතුරු-මැද සහ නැගෙනහිර පළාත්වල ඇතැම් ප්‍රදේශවලට මි.මී. 100ට වැඩි තද වැසි ඇති විය හැකියි.

මීට අමතරව උතුරු, උතුරු-මැද, නැගෙනහිර, මධ්‍යම, දකුණු සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.
මධ්‍යම සහ ඌව පළාත්වල ඇතැම් ස්ථානවල මි.මී. 75ක පමණ තද වැසි ඇති විය හැකියි.

දිවයිනේ සෙසු ප්‍රදේශවල පස්වරුවේදී තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි විය හැකි අතර ඇතැම් ස්ථානවල මි.මී. 75ක තද වැසිඇතිවිය හැකියි.

උතුරු, උතුරු-මැද, වයඹ පළාත්වලද ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කය සහ මධ්‍යම කඳුකරයේ නැගෙනහිර බෑවුම් ප්‍රදේශවලද පැ.කි.මී. 30–40 පමණ තද සුළං ඇතිවිය හැකියි.

සබරගමුව, මධ්‍යම සහ දකුණු පළාත්වල අළුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක්ද සිදුවිය හැකියි.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං හා අකුණු හේතුවෙන් අනතුරු தவිරීමට අවශ්‍ය පිළිවෙත් ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවගෙන් ඉල්ලා සිටී.

RELATED ARTICLES

Most Popular

Recent Comments