Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි ඇතිවීමේ අවදානමක්

ප්‍රදේශ රැසකට අද තරමක තද වැසි ඇතිවීමේ අවදානමක්

බස්නාහිර සහ සබරගමුව පළාත්වල මෙන්ම ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලද අද (30) දිනයේ වැසි වාර කිහිපයක් ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව සඳහන් කරයි.වයඹ පළාතේ ඇතැම් ප්‍රදේශවලටද වැසි ස්වල්පයක් ඇතිවීමේ හැකියාව පවතී.මේ අතර, මධ්‍යම, ඌව සහ නැගෙනහිර පළාත්වලත්, පොළොන්නරුව සහ හම්බන්තොට දිස්ත්‍රික්කවලත් පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බවට අනාවැකි පළ කර තිබේ.එම ප්‍රදේශවල ඇතැම් ස්ථානවලට මිලිමීටර් 50 ඉක්මවූ තරමක තද වැසි ඇතිවිය හැකි බවද දෙපාර්තමේන්තුව වැඩිදුරටත් පවසයි.එමෙන්ම, බස්නාහිර සහ සබරගමුව පළාත්වල අලුයම් කාලයේදී මීදුම් සහිත තත්ත්වයක් ඇතිවිය හැකි අතර, ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු හා තාවකාලික තද සුළං පිළිබඳව අවධානයෙන් පසුවන ලෙස ජනතාවට දැනුම් දී තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments