Homeසියලුම පුවත්ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

ප්‍රදේශ රැසකට අදත් ගිගුරුම් සහිත වැසි

බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් ගාල්ල, මාතර, මහනුවර සහ නුවරඑළිය දිස්ත්‍රික්කවලත් අද (29) විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.
ඌව පළාතේ සහ අම්පාර, මඩකලපුව දිස්ත්‍රික්කවල ස්ථාන කිහිපයක පස්වරු 1.00න් පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද එම දෙපාර්තමේන්තුව සඳහන් කළේය.
මධ්‍යම කඳුකරයේ බටහිර බෑවුම් ප්‍රදේශවලත්, උතුරු, උතුරු-මැද, වයඹ සහ දකුණු පළාත්වලත් ත්‍රිකුණාමලය දිස්ත්‍රික්කයේත් පැ.කි.මී. 30-40 පමණ තරමක තද සුළං ඇතිවිය හැකි බව දැනුම්දී තිබේ.
ගිගුරුම් සහිත වැසි සමඟ ඇතිවන අකුණු හා තද සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය ආරක්ෂිත පියවර ගන්නා ලෙස ජනතාවට උපදෙස් ලබාදී ඇත.

RELATED ARTICLES

Most Popular

Recent Comments