කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව විසින් ප්‍රබල අකුණු ඇති වීමේ අවදානම පිළිබඳව අවවාදාත්මක නිවේදනයක් නිකුත් කර ඇත.
එම දෙපාර්තමේන්තුව සඳහන් කළේ, සබරගමුව සහ දකුණු පළාත්වලත්, කොළඹ සහ කළුතර දිස්ත්‍රික්කවලත් ඇතැම් ප්‍රදේශවල
ගිගුරුම් සහිත වැසිවලට අකුණු දැලීම් වැඩි වශයෙන් ඇති විය හැකි බවයි.
එමගින් තාවකාලික තද සුළං ද පැන නගිය හැකි බවත් සඳහන් වේ.
අකුණු සහ සුළං හේතුවෙන් සිදුවිය හැකි අනතුරු අවම කර ගැනීම සඳහා
අවශ්‍ය පියවර ගන්නා ලෙස කාලගුණවිද්‍යා දෙපාර්තමේන්තුව ජනතාවට දැනුම් දී ඇත.

