Monday, January 26, 2026
Homeදේශීයපාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

පාසල් දරුවන් අතරේ පූර්ව මුඛ පිළිකා ලක්ෂණ

මුඛ පිළිකා හේතුවෙන් මෙරට පුද්ගලයින් තිදෙනෙකු හෝ සිව් දෙනෙකු දෛනිකව මිය යන බව මුහුණ මුඛය සහ හනු පිළිබඳ විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා පවසයි.

ඔහු පවසන්නේ වාර්ෂිකව මෙරටින් නව මුඛ පිළිකා රෝගීන් 2,000ත් 3,000ත් අතර සංඛ්‍යාවක් හඳුනාගන්නා බවය.

සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශයේ පැවති ප්‍රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා මෙම අදහස් පල කළේය.

මේ අතර පූර්ව මුඛ පිළිකා ලක්ෂණ පාසල් දරුවන් අතරේ ද දක්නට ලැබෙන බව විශේෂඥ වෛද්‍ය ආනන්ද රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේය.

RELATED ARTICLES

Most Popular

Recent Comments