2026 පාපන්දු ලෝක කුසලාන තරගාවලියේ පිළිමළුන් පිටුදැකීමේ වටයේදී පැරගුවේ හමුවේ පරාජයට පත්වූ ජර්මනියට තරගාවලියෙන් ඉවත්වීමට සිදුව තිබේ.
තරගයේ 42 වැනි මිනිත්තුවේදී ජුලියෝ එන්සිසෝ පැරගුවේ වෙනුවෙන් පළමු ගෝලය වාර්තා කළ අතර, 54 වැනි මිනිත්තුවේදී කයි හාවර්ට්ස් ජර්මනිය වෙනුවෙන් සමකරන ගෝලය ලබා ගත්තේය.
නියමිත මිනිත්තු 90 සහ අතිරේක කාලය අවසන් වනවිටත් කණ්ඩායම් දෙකම ගෝල 1 බැගින් ලබා සම තත්ත්වයේ පසුවීම හේතුවෙන් තරගයේ ජයග්‍රාහකයා දඬුවම් පහර මඟින් තීරණය කෙරිණි.
එහිදී පැරගුවේ කණ්ඩායම දඬුවම් පහර 5න් 4ක් සාර්ථක කරගත් අතර, ජර්මනියට සාර්ථක කරගත හැකි වූයේ පහර 3ක් පමණි.
ඒ අනුව, ලෝක ශ්‍රේණිගත කිරීම්වල 10 වැනි ස්ථානයේ පසුවන ජර්මනිය මෙවර ලෝක කුසලාන තරගාවලියෙන් ඉවත්වීමට සිදුවූ අතර, පැරගුවේ මීළඟ වටයට සුදුසුකම් ලබා ගත්තේය.
පැරගුවේ හමුවේ ජර්මනිය ලෝක කුසලානයෙන් ඉවතට

