ජන අරගල ව්‍යාපාරය විසින් අද (03) පිටකොටුවේ පැවැත්වූ විරෝධතාවට එක්වූ පුද්ගලයින් හයදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.
නීතිවිරෝධී රැස්වීමකට සහභාගී වීමේ චෝදනාව මත ඔවුන් අත්අඩංගුවට ගෙන ඇති බව වාර්තා වේ.
ආණ්ඩුවේ බදු ප්‍රතිපත්තියට සහ ඉහළ යන ජීවන වියදමට විරෝධය පළ කරමින් ජන අරගල ව්‍යාපාරය සංවිධානය කළ විරෝධතා පාගමන අද පස්වරුවේ බොරැල්ල කැම්බල් පිටිය අසලින් ආරම්භ විය.
පාගමන බොරැල්ල මංසන්ධිය හරහා මරදාන ඔස්සේ පිටකොටුව මධ්‍යම බස් නැවතුම්පොළ ඉදිරිපිටට පැමිණීමෙන් අනතුරුව එහිදී විරෝධතාව පැවැත්වුණි.

