මීගමුව බන්ධනාගාර ගැටුම සම්බන්ධයෙන් තමා අධිකරණ අමාත්‍යවරයා වශයෙන් වගකීම භාරගන්නා බව නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා පවසයි.
අද (06) මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඔහු සඳහන් කළේ, තම අධීක්ෂණයට යටත් ආයතනයක මෙවැනි සිදුවීමක් සිදුවීම කනගාටුදායක බවත් එහි වගකීම භාරගැනීමට සිදුවන බවත්ය.
එමෙන්ම සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශනය කර, ඉදිරියේදී මෙවැනි තත්ත්වයන් වළක්වා ගැනීමට අවශ්‍ය පියවර ගන්නා බවද අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
බන්ධනාගාර ගැටුමේ වගකීම අධිකරණ ඇමති භාරගනී

