Homeසියලුම පුවත්බස් ගාස්තු ඉහළට

බස් ගාස්තු ඉහළට

ඉන්ධන මිල ඉහළ යාමත් සමඟ බස් ගාස්තු සංශෝධනය වෙන ආකාරය හෙට ප්‍රකාශයට පත් කිරීමට නියමිතව තිබෙනවා.

බොහෝ දුරට අවම බස් ගාස්තුව රුපියල් 2 කින් ඉහළ යනු ඇති අතර ඒ සඳහා ප්‍රවාහන අමාත්‍යාංශය සහ බස් සංගම් එකගතාවයකට පැමිණ ඇති බවයි වාර්තා වන්නේ.

ඒ අනුව රුපියල් 14ක් ව පවතින අවම බස් ගාස්තුව රුපියල් 16ක් දක්වා ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරනවා.

එසේම අනෙකුත් ගාස්තු 15% කට ආසන්න ප්‍රතිශතයකින් ඉහළ නංවන ලෙස බස් සංගම් සිකුරාදා දිනයේ භාරදුන් යෝජනාවලිය මගින් ඉල්ලා තිබුණා.

කෙසේ වෙතත් 7.5% ත් 10%ත් අතර අගයකින් අනෙකුත් ගාස්තු ඉහළ නැංවිය යුතු බවටයි මේ වනවිට එකඟතාවයකට පැමිණ ඇත්තේ

RELATED ARTICLES

Most Popular

Recent Comments