තමන් අතින් වරදක් අඩුපාඩුවක් සිදු වූවා නම් ඒ පිළිබඳව සමාව ගැනීමත් ඒ වරද නිවැරදි කර ගැනීමත් ඉතා හොඳ ගුණාංගයක් බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පැවසීය.
තමන් සියල්ල දන්නා බවත්, තමන්ට සියල්ල පුළුවන් බවත් සලකා කටයුතු කිරීම වෙනුවට නොදන්නා දේ ඉගෙනගනිමින් වැරදි නිවැරදි කර ගැනීම උතුම් මනුෂ්‍ය ගුණ ධර්මයක් බව ද ගුණධර්මයක් බවද ඒ මහතා පැවසීය.
දොම්පේ ශ්‍රී කල්‍යාණී ආශ්රමයේ අභිනවයෙන් ඉදිකරන්නට යෙදුනු බුද්ධප්‍රතිමා වහන්සේ නිරාවරණය කිරීමේ අවස්ථාවට සහභාගී වෙමින් විපක්ෂ නායකතුමා මේ බව පැවසීය.