විශාරද නන්දා මාලනියගේ අවසන් කටයුතු වෙනුවෙන් අද (22) පෙරවරුවේ ආගමික වතාවත් සිදුකෙරිණි.
ඒ අනුව උදෑසන 10.00ට පමණ නාවල, විජයබාහු මාවතේ පිහිටි නන්දා මාලනී සංගීත ආශ්රමයේදී මහා සංඝරත්නය විසින් පාංශුකූල කටයුතු සිදුකර තිබේ.
ආගමික වතාවත්වලින් අනතුරුව පස්වරු 3.30 දක්වා මහජනතාවට ඇයගේ දේහයට අවසන් ගෞරව දැක්වීමට අවස්ථාව ලබාදී ඇත.
ඉන් අනතුරුව දේහය රැගත් රිය පෙරහැර බොරැල්ල පොදු සුසාන භූමිය වෙත රැගෙන යාමට නියමිතය.
අවසන් කටයුතු අද පස්වරු 5.00ට සිදු කිරීමට නියමිතව තිබේ.
මාතෘකාවවිශාරද නන්දා මාලනියගේ දේහය පිළිබඳ ආගමික වතාවත් සිදු කෙරේ

