මෙම වසරේ ජනවාරි සිට අගෝස්තු දක්වා මාස අටක කාලය තුළ මෙරට ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 4,072.1ක් වැය වී ඇති බව ශ්රී ලංකා මහ බැංකුව පවසයි.
මහ බැංකුව නිකුත් කළ දත්ත අනුව එය 2025 වසරේ එම කාලයට සාපේක්ෂව 61.6%ක ඉහළ යාමකි.
2025 ජනවාරි සිට අගෝස්තු දක්වා කාලය තුළ ඉන්ධන ආනයනය සඳහා වැය කර තිබූ මුදල අමෙරිකානු ඩොලර් මිලියන 2,520.6කි.
ඒ අනුව මෙම වසරේ මාස අට තුළ ඉන්ධන ආනයන වියදම පසුගිය වසරට වඩා අමෙරිකානු ඩොලර් මිලියන 1,551.5කින් ඉහළ ගොස් තිබේ.
මේ අතර 2026 අගෝස්තු මාසයේ පමණක් ඉන්ධන ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 450.6ක් වැය වී ඇති අතර, එය 2025 අගෝස්තු මාසයට සාපේක්ෂව 76.5%ක වැඩිවීමකි.
2025 අගෝස්තු මාසයේ ඉන්ධන ආනයන වියදම අමෙරිකානු ඩොලර් මිලියන 255.2ක් වූ අතර, ඒ අනුව මෙම වසරේ අගෝස්තු මාසයේ වියදම ඩොලර් මිලියන 195.4කින් ඉහළ ගොස් ඇත.
එමෙන්ම 2026 අගෝස්තු මාසයේ පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයනය සඳහා අමෙරිකානු ඩොලර් මිලියන 321.9ක් වැය වී තිබේ.
2025 අගෝස්තු මාසයේ එම වියදම ඩොලර් මිලියන 202.9ක් වූ අතර, ඒ අනුව පිරිපහදු කළ ඛනිජ තෙල් ආනයන වියදම වාර්ෂික පදනමින් 58.7%කින් ඉහළ ගොස් ඇත.

