Saturday, January 24, 2026
Homeදේශීයමාළිගාකන්දේ වෙඩිතැබීමට තිදෙනෙක් අත්අඩංගුවට

මාළිගාකන්දේ වෙඩිතැබීමට තිදෙනෙක් අත්අඩංගුවට

පසුගිය සැප්තැම්බර් මස 17 වනදා මාළිගාකන්ද ප්‍රදේශයේ සිදුකළ වෙඩිතැබීම සම්බන්ධයෙන් පුද්ගලයින් තිදෙනෙක් අත්අඩංගුවට ගෙන තිබේ.

යතුරුපැදියකින් පැමිණි පුද්ගලයින් දෙදෙනෙකු විසින් වෙඩි තැබීම සිදුකර තිබූ අතර එහිදී ත්‍රිරෝද රථයක ගමන් කරමින් සිටි වයස අවුරුදු 36ක පුද්ගලයෙක් සහ අවුරුදු 6ක ඔහුගේ දියණිය තුවාල ලැබීය.

පසුව ඔවුන්ව කොළඹ ජාතික රෝහලට ඇතුළත් කිරීමේ දී දැරිය මියගොස් තිබුණි.

පොලිස් විශේෂ කාර්ය බළකා බුද්ධි අංශයේ නිලධාරීන් විසින් ඊයේ (10) සවස වැලිකඩ පොලිස් වසමේ ඔබේසේකරපුර ප්‍රදේශයේ දී මෙම අපරාධයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙක් සහ ගිනිඅවි ප්‍රවාහනය කිරීමට හා සැකකරුවන්ට පළායෑමට යොදාගත් ව්‍යාජ අංක තහඩු සහිත මෝටර් රථයක් සොයාගත් බවය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් අවුරුදු 36, 61 සහ 62 යන වයස්වල පසුවන රාජගිරිය හා ඉරක්කාමන් 9 ප්‍රදේශවල පදිංචිකරුවන් ය.

සැකකරුවන් වැඩිදුර විමර්ශන සඳහා මරදාන පොලීසිය වෙත භාරදී ඇති අතර මරදාන පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

RELATED ARTICLES

Most Popular

Recent Comments