මැදපෙරදිග උත්සන්න වෙමින් පවතින ගැටුම් හේතුවෙන් කලාපයේ තෙල් සැපයුම සම්බන්ධයෙන් මතුව ඇති අවිනිශ්චිතතාව හමුවේ, බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල අද (09) ඩොලර් 100 සීමාව ඉක්මවා ගොස් තිබේ.
ඒ අනුව බ්‍රෙන්ට් බොරතෙල් බැරලයක මිල ඩොලර් 2.15කින් හෙවත් 2.2%කින් ඉහළ ගොස් ඩොලර් 100.07ක් දක්වා වර්ධනය වී ඇත. එය පසුගිය ජූලි 24 වැනිදායින් පසු වාර්තා වූ ඉහළම මිල වේ.
මේ අතර, ඇමෙරිකානු වෙස්ට් ටෙක්සාස් ඉන්ටර්මීඩියේට් (WTI) බොරතෙල් බැරලයක මිල ද ඩොලර් 1.70කින් හෙවත් 1.83%කින් ඉහළ ගොස් ඩොලර් 94.73ක් දක්වා ඉහළ ගොස් තිබේ.
පසුගිය මාසයේ මුල් භාගයේ සිට මේ දක්වා බ්‍රෙන්ට් බොරතෙල් මිල 25%කින් පමණ ඉහළ ගොස් ඇත.
එමෙන්ම මාස හයක් පුරා පවතින අමෙරිකානු-ඉරාන ගැටුමට ස්ථිර විසඳුමක් ලැබීම සම්බන්ධයෙන් පැවති අපේක්ෂාවන්ද ක්‍රමයෙන් පහළ යමින් පවතින බව සඳහන් වේ.

