හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (11) මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසය (FCID) වෙත කැඳවා ඇති බවට තොරතුරු වාර්තා වෙයි.
මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා මෙම කැඳවීම සිදුකර ඇති බව සඳහන් වේ.
මේ අතර, එම ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා හිටපු ගුවන් හමුදාපති එයාර් චීෆ් මාර්ෂල් රොෂාන් ගුණතිලක මහතා ද ඊයේ (10) පෙරවරුවේ මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට පැමිණ තිබේ.
එහිදී පැය පහකට අධික කාලයක් ප්‍රකාශයක් ලබාදීමෙන් අනතුරුව හිටපු ගුවන් හමුදාපතිවරයා එම ස්ථානයෙන් පිටව ගොස් ඇත.

