Homeසියලුම පුවත්මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශය ලබාදී ගෝඨාභය FCIDයෙන් පිටවෙයි

මිග් යානා ගනුදෙනුව ගැන ප්‍රකාශය ලබාදී ගෝඨාභය FCIDයෙන් පිටවෙයි

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාදීම සඳහා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණි හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා එම ප්‍රකාශය ලබාදීමෙන් අනතුරුව අද (11) එම ස්ථානයෙන් පිටත්ව ගොස් තිබේ.

ඒ මහතා අද උදෑසන මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත පැමිණ ඇති අතර, එහිදී පැය කිහිපයක් ප්‍රකාශයක් ලබාදී තිබේ.

මිග් යානා මිලදී ගැනීමේ ගනුදෙනුව සම්බන්ධයෙන් ප්‍රකාශයක් ලබාගැනීම සඳහා හිටපු ජනාධිපතිවරයා මූල්‍ය අපරාධ කොට්ඨාසය වෙත කැඳවා තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments