මීගමුව බන්ධනාගාරය තුළ සිදුවූ සිද්ධිය සම්බන්ධයෙන් අපක්ෂපාතී සහ විනිවිදභාවයෙන් යුත් පරීක්ෂණයක් සිදුකළ යුතු බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසයි.
ඔහු සඳහන් කළේ, මෙම සිද්ධියෙන් ඇතිවූ මරණ සහ තුවාල තත්ත්වය බන්ධනාගාර පරිපාලනයේ අසාර්ථකත්වය හා බිඳවැටීමක් පෙන්නුම් කරන බවයි.
එමෙන්ම, නීතිය හා සාමය පවත්වා ගැනීමට රජයට ඇති හැකියාව පිළිබඳවද ප්‍රශ්න මතුව ඇති බව විපක්ෂ නායකවරයා වැඩිදුරටත් සඳහන් කළේය.
මීගමුව බන්ධනාගාර සිද්ධිය ගැන අපක්ෂපාතී පරීක්ෂණයක් අවශ්‍යයි – සජිත්

