Homeසියලුම පුවත්මෙටා සමාගමට තවත් ඩොලර් මිලියන 567ක දැවැන්ත දඩයක්

මෙටා සමාගමට තවත් ඩොලර් මිලියන 567ක දැවැන්ත දඩයක්

ළමුන්ගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ප්‍රමාණවත් අනතුරු ඇඟවීම් ලබා නොදුන් බවට චෝදනා කරමින් අමෙරිකාවේ නව මෙක්සිකෝ ප්‍රාන්තයේ විනිසුරුවරයෙකු විසින් මෙටා සමාගමට තවත් අමෙරිකානු ඩොලර් මිලියන 567ක වන්දි මුදලක් ගෙවන ලෙස නියෝග කර තිබේ.

ඒ අනුව, මීට පෙර නියම කර තිබූ ඩොලර් මිලියන 375ක දඩයත් සමඟ මෙටා සමාගමට එරෙහි සමස්ත දඩ මුදල ඩොලර් මිලියන 942ක් දක්වා ඉහළ ගොස් ඇත.

විනිසුරුවරයා මෙටා සමාගම “Public Nuisance” ලෙස හඳුන්වා ඇති අතර, සමාජ මාධ්‍ය වේදිකා හරහා ළමුන්ට සිදුවන මානසික හානි සහ ලිංගික හිංසන අවදානම් සම්බන්ධයෙන්ද අවධානය යොමු කර තිබේ.

නියෝග කළ විශේෂ අරමුදලෙන් ඩොලර් මිලියන 420ක් පමණ හානියට පත් දරුවන් සඳහා මානසික හා චර්යාත්මක සෞඛ්‍ය ප්‍රතිකාර, උපදේශන සහ පුනරුත්ථාපන වැඩසටහන් සඳහා යොදා ගැනීමට නියමිතය.

කෙසේ වෙතත්, මෙටා සමාගම මෙම තීන්දුව ප්‍රතික්ෂේප කරමින් අභියාචනයක් ඉදිරිපත් කරන බව ප්‍රකාශ කර තිබේ.

RELATED ARTICLES

Most Popular

Recent Comments