මෙම වසරේ මේ දක්වා මෙරටින් වාර්තා වී ඇති ඩෙංගු රෝගීන් සංඛ්‍යාව 73,455 දක්වා ඉහළ ගොස් ඇති බව ජාතික ඩෙංගු මර්දන ඒකකය පවසයි.
එම ඒකකය නිකුත් කළ නවතම දත්ත අනුව, ඊයේ (16) දිනය වන විට ඩෙංගු ආසාදිත මරණ 50ක් වාර්තා වී ඇති අතර, එම දිනය තුළ පමණක් නව රෝගීන් 1,025 දෙනෙකු හඳුනාගෙන තිබේ.
ඩෙංගු ව්‍යාප්තිය වැඩිම ලෙස පවතින්නේ බස්නාහිර පළාතේ වන අතර, එහි සමස්ත රෝගීන් සංඛ්‍යාව 38,700ක් ලෙස සටහන් වී ඇත.
දිස්ත්‍රික් මට්ටමින් වැඩිම රෝගීන් වාර්තා වී ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කයෙන් වන අතර එම සංඛ්‍යාව 15,341කි. කොළඹ දිස්ත්‍රික්කයෙන් ද රෝගීන් 14,625ක් වාර්තා වී තිබේ.
එසේම, ජූලි මාසයේ පළමු දින 16 තුළ පමණක් ඩෙංගු ආසාදිතයන් 18,076 දෙනෙකු හඳුනාගෙන ඇති අතර, වසරේ වැඩිම මාසික රෝගීන් සංඛ්‍යාව ජුනි මාසයේදී වාර්තා වී ඇති අතර එය 21,538ක් ලෙස දැක්වේ.

