Monday, January 26, 2026
Homeදේශීයයාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ...

යාපනය දිස්ත්‍රික්කය ඇතුළු දිවයිනේ සියලු ප්‍රදේශවල වායු දූෂණය අවම කිරීම සඳහා වූ වැඩපිළිවෙලක් සකස් කරන බව නීතිපතිවරයා අද (06) අභියාචනාධිකරණයට දැනුම් දුන්නා.

යාපනය අර්ධද්වීපයේ ඉහළ යමින් පවතින වායු දූෂණය අවම කිරීමේ වැඩපිළිවෙලක් සකස් කරන ලෙස පරිසර අමාත්‍යවරයා ඇතුළු වග උත්තරකරුවන්ට නියෝගයක් නිකුත් කරන ලෙස ඉල්ලා යාපනයේ පදිංචිකාරියකවන වෛද්‍ය උමා සුකී නඩරාජා විසින් ඉදිරිපත් කළ පෙත්සමක් අද කැඳවූ අවස්ථාවේදී නීතිපතිවරයා වෙනුවෙන් පෙනී සිටි නියෝජ්‍ය සොලිසිටර් ජනරාල්වරිය මෙම දැනුම්දීම සිදුකළා.

මෙම පෙත්සම අද අභියාචනාධිකරණයේ වැඩ බලන සභාපති විනිසුරු මොහොමඩ් ලෆාර් තාහීර් සහ සරත් දිසානායක යන අයගෙන් සමන්විත අභියාචනාධිකරණ විනිසුරු මඩුල්ල ඉදිරියේ කැඳවනු ලැබුවා.

යාපනය අර්ධද්වීපයේ වායු ගුණත්වය පිළිබඳව පුරා මාසයක් සමීක්ෂණයක් සිදුකොට වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මීට පෙර අභියාචනාධිකරණය විසින් මධ්‍යම පරිසර අධිකාරියට නියෝග කර තිබුණා.

එම නියෝගයට අනුව අදාළ සමීක්ෂණ වාර්තාව නීතිපතිවරයා මාර්ගයෙන් අධිකරණයට ඉදිරිපත් කෙරුණා.

පෙත්සම්කාර පාර්ශ්වය වෙනුවෙන් පෙනී සිටි නීතිඥ රවින්ද්‍රනාත් දාබරේ අධිකරණය හමුවේ කරුණු දක්වමින් එම සමීක්ෂණ වාර්තාව පිරික්සීමේදී යාපනය අර්ධද්වීපයේ වායුව තුළ සම්මත මට්ටම අභිබවා ගිය අහිතකර සංඝටක ප්‍රමාණයක් පවතින බවට තොරතුරු අනාවරණය වී ඇතැයි කියා සිටියා.

RELATED ARTICLES

Most Popular

Recent Comments