Homeසියලුම පුවත්යෝෂිත රාජපක්ෂට ඇප

යෝෂිත රාජපක්ෂට ඇප

අල්ලස් කොමිසම විසින් අත්අඩංගුවට ගත් Yoshitha Rajapaksa මහතා ඇප මත මුදාහරින ලෙස කොළඹ මහෙස්ත්‍රාත් අධිකරණය අද (17) නියෝග කර තිබේ.
අධිකරණය විසින් රුපියල් ලක්ෂ 50 බැගින් වූ ශරීර ඇප තුනක් මත ඔහු මුදාහැරීමට නියෝග කර ඇති අතර, විදේශ ගමන් තහනමක්ද පනවා ඇත.
අල්ලස් කොමිසමේ නිලධාරීන් සහ සැකකරුගේ නීතිඥයින් ඉදිරිපත් කළ කරුණු සලකා බැලීමෙන් අනතුරුව කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් ලහිරු සිල්වා මහතා මෙම නියෝගය ලබාදී තිබේ.
ශ්‍රී ලංකා නාවික හමුදාව සහ බ්‍රිතාන්‍ය නාවික හමුදා ඇකඩමියට සම්බන්ධවීම පිළිබඳ සිදුකෙරෙන විමර්ශනයකට අදාළව අද පෙරවරුවේ අල්ලස් කොමිසම හමුවේ පෙනී සිටි යෝෂිත රාජපක්ෂ මහතා, ප්‍රශ්න කිරීම්වලින් අනතුරුව අත්අඩංගුවට ගෙන තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments