Homeසියලුම පුවත්රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරේ

රඛිත රාජපක්ෂ, චරිත් අබේසිංහ ඇතුළු තිදෙනා අධිකරණයට ඉදිරිපත් කෙරේ

හිටපු අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතාගේ පුත් නීතීඥ රඛිත රාජපක්ෂ, සමගි ජන බලවේගයේ හිටපු හොරණ ආසන සංවිධායක චරිත් අබේසිංහ සහ සිවිල් ගුවන් සේවා අධිකාරියේ හිටපු අධ්‍යක්ෂවරයෙකු වන අරුණ වරුණහැන්දිගේ අද (17) කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් අධිකරණය වෙත ඉදිරිපත් කර තිබේ.

සැකකරුවන් තිදෙනා අද පෙරවරුවේ අධිකරණය වෙත රැගෙන එනු ලැබූ බව වාර්තා වේ.

සංවිධානාත්මක අපරාධකරුවෙකු ලෙස සැලකෙන නඳුන් චින්තක වික්‍රමරත්න නොහොත් “හරක් කටා”ගේ බිරිඳගෙන් රුපියල් ලක්ෂ 1,200ක අල්ලසක් ලබාගත් බවට එල්ල වූ චෝදනාවක් සම්බන්ධයෙන් අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව විසින් මොවුන් පසුගියදා අත්අඩංගුවට ගෙන තිබුණි.

විමර්ශනවලට අනුව, හරක් කටා රැඳවුම් භාරයේ සිටියදී ඔහුට සහන ලබාදීම සඳහා මෙම අල්ලස් මුදල ලබාගත් බවට සැකකරුවන්ට චෝදනා එල්ල වී ඇති අතර, ඒ සම්බන්ධයෙන් මීට පෙර ඔවුන් රිමාන්ඩ් භාරයටද පත් කර තිබුණි.

RELATED ARTICLES

Most Popular

Recent Comments